1950-60 දශකයේ ලාංකේය වෝලිබෝලය ජාත්‍යන්තරයට ගෙන ගිය කමලා නාගොඩවිතාන | දිනමිණ

1950-60 දශකයේ ලාංකේය වෝලිබෝලය ජාත්‍යන්තරයට ගෙන ගිය කමලා නාගොඩවිතාන

(මේ මස 26 වෙනි දිනට යෙදෙන කමලා නාගොඩවිතානගේ 24 වන අනුස්මරණ සැමරුම නිමිත්තෙනි)

වසර 1941 නොවැම්බර් මස 4 වන දින කඩවත දී උපත ලැබූ කමලා නාගොඩවිතාන බද්දේගම ක්‍රිස්තු දේව බාලිකා විදුහලෙන් වෝලිබෝල් ක්‍රීඩාවට අවතීරණ විය. 1960 වර්ෂයේ ජාතික කාන්තා වෝලිබෝල් අනුශූරතාව දිනාගත් බද්දේගම ක්‍රිස්තුදේව විදුහල් කාණ්ඩායම නියෝජනය කරමින් වෝලිබෝල් ක්‍රීඩාවේ ජාතික තලයට අත්පොත තැබු කමලා ක්‍රිස්තුදේව කණ්ඩායමේ නායකත්වය ද දැරිය. 1961-1962 වර්ෂයන් හීදි ක්‍රීස්තුදේව ක්‍රීඩකාවන් ජාතික කාන්තා ශුරතාව දිනාගනු ලැබුවේ කමලා නාගොඩවිතානයන්ගේ කාණ්ඩායම 1961 වර්ෂයේ දී දැමු අඩිතාලම ඔස්සේ ය.

පාසල් සිසුවියක සිටියදීම ජාතික කාණ්ඩායම නියෝජනය කිරීමට කමලා භාග්‍ය ලැබීය. ඒ 1959 දී ලංකාවට පැමිණි සමස්ත ඉන්දීය කාන්තා කාණ්ඩායම සමඟ කොළඹ, රත්නපුර, යාපනය, මිරිගම, මහරගම, අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල සහ පුත්තලම නගරවලදී පැවැති ඉන්දු - ලංකා තරග මාලාවේදී ලංකා කාණ්ඩායම නියෝජනය කරමිනි. ඇය ලංකා කාණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරිකාවකද වූවාය.

1966 වර්ෂයේදී ශාරිරික අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් හෑදැරීම සඳහා මධුරාසියේ YMCA Saidpet අධ්‍යාපන පිඨයට ඇතුළත් වූවාය. කමලාගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණතම යුගය උදාවුයේද, 1960-61 ඉන්දියාවේ අධ්‍යාපනය හදාරන කාලයේදීය. ප්‍රවීණ ඉන්දීය වෝලිබෝල් පුහුණුකරු හර්බට් ධනරාජ්ගේ මඟ පෙන්වීම යටතේ මධුරාසි YMCA කාන්තා වෝලිබෝල් කාණ්ඩායමේ නායකත්වය දැරූ කමලා 60-61 වර්ෂයන් හී ඉන්දීය ජාතික වෝලිබෝල් තරඟ මාලාවේ දී මධුරාසි කාන්තා කාණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වූවාය. මධුරාසි ප්‍රාන්ත කාණ්ඩායම නියෝජනය කරමින් කමලා තැබු වර්තාව ලාංකීය වෝලිබෝල්ඉතිහාසයේ විශිෂ්ඨතම කඩඉමක් වශයෙන් හැඳින්විය හැක. ඒ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයකු හෝ ක්‍රිඩිකාවක ප්‍රථම වරට දේශිය කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාවයි. කාලික වසන්ත ප්‍රිය හා සමන් චන්ද්‍රනාත් ඉන්දීය බැංකු කාණ්ඩායම නියෝජනය කරමින් 2005 වර්ෂයේදී ඉන්දීය ජාතික තරග මාලාවට සහභාගී වෙමින් කමලා මධුරාසි කණ්ඩායමට ක්‍රීඩාකරමින් තැබු වාර්තාව බිඳ දැමුවේ වසර 55කට පසුව වීමෙන් මකමලා නාගොඩවිතානයන් එදා 1960 වර්ෂයේ දී තැබු වාර්ථාවේ අගය කැපී පෙනේ.

මධුරාසි YMCA පුහුණුවෙන් පසු 1962 වර්ෂයේ දී ලංකාවට පැමිණි කමලා ක්‍රීඩා උපදේශිකාවක් වශයෙන් අධ්‍යාපන අමත්‍යාංශයට එක්විය. නාගොඩම.වි., ඇතිලිගොඩම.වි., බටදූවම.වි. සහ ගාල්ල මුස්ලිම් බාලිකා විදුහල් වල සේවය කළ ඇය පසු කලෙක බලපිටිය හා උයන්වත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයන්හී කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කළාය. අවුරුදු 54 වැනි කෙටිකලකදී 1995 ජනවාරි මස 26 වන දින කමලාගේ ජිවිත ගමනෙන් සමුගැනීම සිදුවිය.

සුසිල් රණසිංහ හිටපු ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය

නව අදහස දක්වන්න