කෝලිට ජගත් සම්මාන තුනක් | දිනමිණ

කෝලිට ජගත් සම්මාන තුනක්

දිමුත් ලෝක ටෙස්ට් පිලට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන වාර්ෂික සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන ශ්‍රීමත් ගාර්ෆිල් සෝබර්ස් සම්මානය හා වසරේ ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වය දිනා ගැනීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමත්වෙයි. එම සම්මාන තුනම දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස කෝලි ඉතිහාසගත වෙයි.

ඊට අමතරව ඔහු වසරේ ජගත් ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර තිබෙනවා. කෝලි පසුගිය වසරේදී ටෙස්ට් තරග 13කදී ශතක පහක් හා එක්දින තරග 14 කදී ශතක 06ක් රැස් කර ගැනීමට සමත් විය.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කොට ඇත. නම් කළ මේ කණ්ඩායමේ නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට හිමිව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න වීම විශේෂත්වයකි. වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ කිසිදු ක්‍රීඩකයෙක් ඇතුළත්ව නැත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හොඳම විනිසුරුවරයාට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය කුමාර් ධර්මසේන මහතාට පිරිනමා ඇත.

වසරේ ලෝක ටෙස්ට් කණ්ඩායම මෙසේය:

ටොම් ලේතම් (නවසීලන්තය), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන්(නවසීලන්තය), විරාට් කෝලී (ඉන්දියාව), හෙන්රි නිකොලොස් (නවසීලන්තය), රිසාබ් පාන්ට් (ඉන්දියාව), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව්), කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව), නේතන් ලයන් (ඔස්ට්‍රේලියාව), ජස්ප්‍රිට් බූම්රා (ඉන්දියාව), මොහොමඩ් අබ්බාස් (පාකිස්තානය)

නව අදහස දක්වන්න