දකුණු අප්‍රිකානු සංචාරයට කාන්තා පිල නම් කරයි | දිනමිණ

දකුණු අප්‍රිකානු සංචාරයට කාන්තා පිල නම් කරයි

තාරිකා සෙව්වන්දි

මේ මස 29 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළේය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව ඇති 15 දෙනකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස 28 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා චමරීත් අතපත්තු නම් කර තිබේ. මේ සංචිතයට පළමු වරට වමතින් වේග පන්දු යවන 18 හැවිරිදි ක්‍රීඩිකාවක වන තාරිකා සෙව්වන්දි ඇතුළත් කර තිබේ.

මේ සංචාරයට ජාත්‍යන්තර විස්සයි20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්ව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් දෙපිල අතර පළමු විස්සයි20 තරගය පෙබරවාරි 1 දා කේප් ටුවන් හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 3 වැනිදා ජොහැන්නස්බර්හිදීත්, තෙවැනි සහ අවසන් විස්සයි20 තරග 6 වැනිදා සෙන්චූරියන් හිදීත් පැවැත්වේ.

අනතුරුව 9 වැනිදා පුහුණු තරගයකට එක්වන ශ්‍රී ලංකා කාන්තා පිල 11, 14 සහ 17 දිනවල එක්දින තරග 3 ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරග පොට්චෙෆ්ස්ටරූම් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා පිල - චමරී අතපත්තු (නායිකා), ප්‍රසාදිනි වීරක්කොඩි, අනුෂ්කා සංජීවනි, තාරිකා සෙව්වන්දි, හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, හර්ෂිතා සමරවික්‍රම, ශෂිකලා සිරිවර්ධන, නිලක්ෂි ද සිල්වා, උමේෂා තිමාෂිනි, කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝදනී, ඕෂදී රණසිංහ

අතිරේක - හංසිමා කරුනාරත්න, මදුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි

නව අදහස දක්වන්න