පිළිකා රෝගීන් වෙනුවෙන් හිමිවරු පිණ්ඩපාතයේ | දිනමිණ

පිළිකා රෝගීන් වෙනුවෙන් හිමිවරු පිණ්ඩපාතයේ

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ‍ පිළිකා රෝගීන්ට අවශ්‍ය වන ආහාර , බෙහෙත් ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබා දීමේ අරමුණින් පිණ්ඩපාත දානමය පින්කමක් පසුගියදා වැලිගම දී පැවත්විණි. වැලිගම ශාසනාරක්ෂ බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනේ ආචාරය වේපතඉර ඉන්ද්‍රසිරි හිමිගේ අනුශාසකත්වයනේ මෙය සංවිධාන කර තිබූ අතර වැලිගම හා වැලිගම අවට ප්‍රදේශවල හිමිවරු සියක් නමක් පින්ඩපාත චාරිකාවට එක් වූහ.

වැලිගම බස්නැවතුම්පොළ අභියස සිට කුඹල්ගම ජිනේන්ද්‍රාරාමය දක්වා පිණ්ඩපාත චාරිකාව පැවත්විණි. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයන්, ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම පින්කමෙන් එක්කර ගත ආහාර හා වෙනත් උපකරණ විශාල ප්‍රමාණයක් කරාපිටිය රෝහල වෙත පසුගියදා බාර දුනි.

සටහන සහ ඡායාරූපය- වැලිගම සමූහ ටී.කේ.මහින්ද

 

නව අදහස දක්වන්න