වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ වසර මැද ඇරඹේ | දිනමිණ

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර මේ වසර මැද ඇරඹේ

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇළ වේලි ඉදි කිරීම මේ වසරේ ජුලි මාසයේ ආරම්භ කිරීම ට බලාපොරොත්තු වන බවත් 2018 වසරේ දෙසැම්බර් මාසයේ එහි වැඩ ඇරැඹීමට යෝජනා වී තිබුණත් අනුමැතිය ලබා දී තිබුණු කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ව්‍යපෘතියේ වැඩ ප්‍රමාද වු බවත් වයඹ ඇළ ව්‍යාපෘති අධ්‍යක්ෂ අශෝක පෙරේරා මහතා පැවසීය.

ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ වැඩ ඇරැඹීම සනිටුහන් කරමින් 2018 අගෝස්තු මාසයේ සමාරම්භක උත්සවය පැවැත්වුයේ 2018 අගෝස්තු මාසයේ මාසයේ යි. එහිදි එම වසරේ දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් ඇරඹෙන බවට පැවසුව ද මේ වන තුරුත් ඒ සඳහා සුදානමක් පෙනෙන්න ට නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමේ දී ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මේ බැව් කියා සිටියේය.වයඹ ඇළ ව්‍යාපාතියේ දෙවැනි අදියර යටතේ ජල හිඟයෙන් පීඩා විඳීන කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි කලාපයේ ජනතාවට ජලය ලබා දීම ට නියමිත අතර මේ වන විට මාතලේ සහ දඹුල්ල කේන්ඳ්‍ර කරගෙන සිදුවන පළමු අදියර ඉදිකිරීම් සහ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් ව්‍යපෘති අධ්‍යක්ෂ අශෝක පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නය විසැඳීම සඳහා මහවැලි ජලය ලබා දීමේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් මේ වන විට මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර තිබෙනවා. එහි සියයට හැත්තැපහක් පමණ වැඩ සාර්ථකව අවසන්. දෙවැනි අදියර යටතේ කුරුණෑගල දිස්තික්කයේ පොල්පිතිගම , ඇහැටුවැව ,ගල්ගමුව , මහව වැව් බොහොමයකට සහ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුවලට ජලය සැපයෙන මැඩියාව සහ අබකොළවැව ට මහවැලි ජලය ලබා දීම ට යි නියමිතව පවතින්නේ . ඒ සඳහා දෙවැනි අදියරට ප්‍රවේශයක් ලෙස අදාළ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත් දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට යි අපි අපේක්ෂා කළේ. නමුත් අවසන් මොහොතේ ඒ වන විටත් ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරා ගත් කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නොලැබුණු නිසා එම කාර්යය පටන් ගැනීමට හැකි වුණේ නෑ. නමුත් මේ වන විට මාතලේ දිසාවේ පළමු අදියරේ සියලු මැනුම් කටයුතු අවසන් කර දෙවැනි අදියර යටතේ කුරුණෑගල දිසාවේ පෝෂිත වැව් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ඇස්තමේන්තු කටයුතුත් ආරම්භ කර තිබෙනවා. ජුලි මාසය වන විට වැඩ ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.වයඹ ඇළ ව්‍යපෘතියේ ඉදිකිරීම්වලට මුල්‍යයම ය ගැටලුවක් පැන නැඟි ඇත්දැයි දැයි කළ විමසීමේ දී ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය...මම දන්නා තරමින් නම් එවැන්නක් නෑ.මුදල් ලබා දීම සහ අධීක්ෂණය සිදු වන්නේ මහවැලි අමාත්‍යංශයෙන්. ඉකුත් මාස කිහිපයේ රටේ දේශපාලන හැලහැප්පීම් දෙවැනි අදියරේ වැඩ පටන් ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ දී යම් තරමක ට බාධාවක් වුණා. නමුත් දැන් එවැනි බාධාවක් නෑ. කොන්ත්‍රාත් සමාගමක් තෝරා ගැනීමේ ගැටලුව නිරාකරණය වු සැනින් ජුලි මාසයේ අපි වැඩ පටන් ගන්නවා.

අඹන්පොල විශේෂ සකුන්තලා ජයසිංහ

නව අදහස දක්වන්න