කුණු කන්දට වුණු දේ රටට වෙන්න දෙන්නේ නෑ | දිනමිණ

කුණු කන්දට වුණු දේ රටට වෙන්න දෙන්නේ නෑ

කමනි අල්විස්

කුණු කන්දට සිදුවූ දේ රටට සිදුවන්නට ඉඩ නොතබන බවත් අපට ණය කන්දක් තිබෙන බවත්, එය ගෙවා දමා රට ගොඩගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පැවසීය.

විරුද්ධවාදීන් ප්‍රකාශ කරන්නේ මම රට බෙදනවා කියලයි. මට රට බෙදන්න අවශ්‍යතාවක් නෑ. මම කිසිසේත් රට බෙදන්නේ නැහැ. මට ඕන කරන්නේ ඉන්දියන් සාගරය කොළඹට එකතුකර ගැනීමට බවත්, තව සති දෙක තුනකින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ආරම්භ කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

විවිධ දේශපාලන පක්ෂවලට මෙම පෙරමුණ හා එක්වීමට අවස්ථාව ලැබෙන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ දෙමටගොඩ ආරාමය පෙදෙසේ ඉදිකරන ලද සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ දෙවන අදියර ඊයේ (22) නිවාසලාභීන්ට පිරිනැමීමේ අවස්ථාවේදීය. මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

නව අදහස දක්වන්න