මැතිසබයේ ඇති වූ සිද්ධි සොයන කමිටු වාර්තාව කතානායකට | දිනමිණ

මැතිසබයේ ඇති වූ සිද්ධි සොයන කමිටු වාර්තාව කතානායකට

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

2018 වසරේ නොවැම්බර් 14 ,15, 18 යන දිනවල පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව කතානායක කරු ජයසූරිය මහතා වෙත ඊයේ (22) භාර දීම සිදුවිය.

එම සිද්ධින් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා එම වාර්තාව කතනායක කරු ජයසූරිය මහතා ජයසූරිය මහතා වෙත භාර දී ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කථානායක කරු ජයසූරිය මහතා 6 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙළේය.

ඒ අනුව අදාළ කමිටුව එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ආරම්භ කළ අතර පාර්ලිමේන්තුව පටිගත කරන ලද වීඩියෝ දර්ශන මෙන්ම මාධ්‍ය ආයතන ලබාගත් දර්ශනද විමර්ශනය සඳහා යොදා ගැණින. කමිටුවේ සාමාජිකයින් දෙදෙනා බැඟින් අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමද සිදු කරන කළ අතර එම එම කැමරා දර්ශන වෙන වෙනම අධ්‍යයනය කරන ලැබුවේය. විමර්ශන කමිටුව අවස්ථා කිහිපයකදී රැස් වී අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය ද පරික්ෂණ සිදුකෙරිණ. විමර්ශන කමිටුව සිදු කළ විමර්ශනයෙන් පසුව මෙම වාර්තාව සකස් කළ අතර එම වාර්තාව කතානාකවරයා වෙත වාර්තාව භාරදීමෙන් පසුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇත. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ ඇමති රන්ජිත් මද්දුමබණ්ඩාර, බිමල් රත්නායක, මාවෛයි සේනාධිරාජා, චමල් රාජපක්ෂ , චන්ද්‍රසිරි ගජධීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්කෙරිණ.


නව අදහස දක්වන්න