පිස්තෝලය පත්තු වී පොලිස් නිලධාරියෙක් හා බීමත් අයෙක් තුවාලයි | දිනමිණ

පිස්තෝලය පත්තු වී පොලිස් නිලධාරියෙක් හා බීමත් අයෙක් තුවාලයි

කටාන පොලිස් වසමේ හරිස්චන්ද්‍ර පුරදී වෙඩි වැදීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් අයෙක් තුවාල ලබා ඇත.
 
ඊයේ(22) සවස මෙය සිදුව ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
 
ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එහි සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයා ගොස් ඇත.
 
එහිදී සොයා ගිය සැකකරුගේ ඥාති පුද්ගලයෙකු විසින් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරියෙකුට පොල්ලකින් පහර දී එම නිලධාරියා සතු පිස්තොල අවිය උඳුරා ගැනීමට තැත් කර තිබේ.
 
එහිදී පිස්තෝලය පත්තු වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ දකුණු අතට වෙඩි වැදී තුවාල සිදුව ඇත.
 
මේ වන විට ඔහු මීගමුව රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතර මෙම අවස්ථාවේ දී පොලිස් ‍කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

නව අදහස දක්වන්න