දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නවත්වන්නැයි පාසල්වලට උපදෙස් | දිනමිණ

දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහාම නවත්වන්නැයි පාසල්වලට උපදෙස්

පාසල්වල කටයුතු සදහා යැයි කියමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරිම නතර කිරිමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබේ.
 
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව සියලු නිලධාරීන් කටයුතු කළයුතු බව අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබේ.
 
ඒ පිලිබද පසු විපරම් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමට ජාතික පාසල් සම්බන්ධ පැමිණිලි භාරගැනීමේ නිලධාරිනියක් ද පත්කිරිමට පියවර ගත්තාය. 
 
ඒ අනුව එවැනි පැමිණිලි කේ ජී සී මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට ලිඛිතව දැනුම් දිය හැකිය.

නව අදහස දක්වන්න