නිදහස් දින පෙරහුරුවට වැසෙන පාරවල් | දිනමිණ

නිදහස් දින පෙරහුරුවට වැසෙන පාරවල්

මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය පැය 06 හමාරක කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය සදහන් කරයි.
 
එම දිනවල උදෑසන 06.30 සිට පස්වරු 01.00 දක්වා අදාළ මාර්ගය වසා තැබේ.
 
මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙනු ඇත.

නව අදහස දක්වන්න