ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවනු දැකීම අපේක්‍ෂාවයි | දිනමිණ

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවනු දැකීම අපේක්‍ෂාවයි

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු දැකීම පාකිස්ථානයේ සම්භාවනාවට ලක්වන අතරම ඒ සඳහා අපගේ නොමඳ සහයෝගය හිමිවන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සදහන් කරයි. 
 
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ සුබ පැතුම් පණිවිඩයේ මේ බව සදහන් වේ.
 
එම සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩයේ සිංහල අනුවාදය පහත දැක්වේ.
 
ගරු අග්‍රාමාත්‍යතුමනි,
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව මාගේ හෘදයාංගම සුභාශිංසන ඔබතුමා වෙත ගෙන එන්නේ ඉමහත් සතුටිනි.
 
දශක ගණනක් මුළුල්ලේ ද්වීපාර්ශවික, කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව අප සමග පවත්වාගෙන ආ සහෘද සබැදියාව පාකිස්ථානයේ නිරන්තර අගැයිමට ලක්වේ. ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වනු දැකීම පාකිස්ථානයේ සම්භාවනාවට ලක්වන අතරම ඒ සඳහා අපගේ නොමඳ සහයෝගය හිමිවනු ඇත. 
 
දෙරට අතර පවත්නා බහු ආංශික සබඳතා නව ප්‍රගතිශීලි ප්‍රවේශයන් බවට වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඔබතුමා හා සමග සමීපව කටයුතු කිරීමට මම අපේක්‍ෂා කරමි. 
 
ඔබතුමාගේ නව ධූරකාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනු ඇතැයි සුබ ප්‍රාර්ථනා කරමි. 
 
විශ්වාසි,
ඉම්රාන් ඛාන්
 

නව අදහස දක්වන්න