'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' මූල්‍ය පහසුකම් පුළුල් වෙයි | දිනමිණ

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' මූල්‍ය පහසුකම් පුළුල් වෙයි

'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරමහතා  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
 
දැනට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

නව අදහස දක්වන්න