කිරලාගල ස්ථූපය මත ඡායාරූප ගත් 07ක් අත්අඩංගුවට | දිනමිණ

කිරලාගල ස්ථූපය මත ඡායාරූප ගත් 07ක් අත්අඩංගුවට

හොරොව්පතාන, කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මත සිට පිරිසක් ගත් ඡායාරූප ගත් අග්නිදිග විශ්විද්‍යාලයේ සැකකාර සිසුන් 07දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත.
 
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල මහතා කියා සිටියේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.
 
පුරාවස්තු ආඥා පනත යටතේ ඔවුන් සිදු කර ඇත්තේ අපරාධ නීතිය යටතට ගැනෙන වරදකි.
 
හොරොව්පතාන නගරයට ආසන්නයේ ඇති කිරලාගල මෙම විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. එය ක‍්‍රිස්තු වර්ෂ 4වන සහ 5 වන සියවසට අයත් බවට විශ්වාස කෙරේ.

නව අදහස දක්වන්න