ලංකාව ගැන විදෙස් සඟරා අගයයි | දිනමිණ

ලංකාව ගැන විදෙස් සඟරා අගයයි

"කෙනකු තම ජීවිත කාලයතුළ එක්වතාවක් හෝ සංචාරය කළ යුතු ගමනාන්තයක් ලෙස" ශ්‍රී ලංකාව හැඳින්වාතිබේ. ශ්‍රී ලංකාවේ අලංකාරය ගැන ජාත්‍යන්තරව ලැබූ සහතික, විවේකී සංචාරක නවාංගයන් මෙන්ම සුහදබවින් යුතු සත්කාරක සේවය සහ තාක්ෂණික එලඹුම් හේතුවෙන් අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ගමනාන්තයක් බවට මේවනවිට පත්වී තිබේ.

මේබව තහවුරු වන්නේ 2017 ට සාපේක්ෂව 2018 වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීමි කැපී පෙනෙන ඉහළ යාමක් දැකිය හැකි නිසා මෙන්මව, 2018 වර්ෂය සඳහා විදේශිකයන්ගේ පැමිණීමි 2017 වර්ෂයේ පැමිණීමි 2, 116, 407ට සාපේක්ෂව 10.3% කින් එනමි 2, 333, 796ක් දක්වා ඉහළ ගොස් තිබීම වැනි කරැණු නිසා බවයි.

මෙම වර්ධනයට බලපෑ හේතු අතර 2018 වසර මුල දී නැෂනල් ජියෝග්‍රැෆික් සගරාව (National Geographic) විසින් ශ්‍රී ලංකාව ශීත ඍතුවේ සීතල අතරින් වුව හිරු එළිය විඳීමට සුදුසු මෙන්ම වසර පුරා හිරු එළිය ඇති ස්ථානයක් ලෙස හැඳින්වීම විශේෂ හේතුවකි.

එමෙන්ම නැෂනල් ජියෝග්‍රැෆික් සංචාරකයන්ට බෝටිටුවෙන් ගවේෂණය කළ හැකි විශේෂ ස්ථානයක් ලෙස නැගෙනහිර වෙරළ උපුටා දක්වන තිබුණි. ශ්‍රී ලංකාව 2018 වසර පුරා නැෂනල් ජියෝග්‍රැෆික් සගරාව විසින් සකස් කරන සංචාරය කළ යුතුම ස්ථාන ලයිස්තුවේ ඉහළින්ම පැවැති අතර, එය නැෂනල් ජියෝග්‍රැෆික් සගරාවේ 2018 Cool List හී අඩංගු විය.

නැෂනල් ජියෝග්‍රැෆික් විසින් සිය ප්‍රකාශණයේ ශ්‍රී ලංකාව වඩාත් විනෝදකාමී ස්ථාන, වත්මන වඩාත්ම ප්‍රචලිත ස්ථාන සහ යමෙකු සිය ජීවිත කාලය තුළ කළ යුතුම දෑ තිබෙන නිදහස් රමණීය පෙදෙස්වලින් සමන්විත බවට ලැයිස්තුගත කර තිබ්ණි.

පසුගිය වසර තුළ ලංකාවට ලැබුණු ඉහළම ගෞරවයක් වූයේ සංචාරක මාර්ගෝපදේශනය පිළිබඳ කීර්තිමත් ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) විසින් ශ්‍රී ලංකාව 2019 වසර සඳහා හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වීමයි.

කැනඩාවේ ට‍්‍රැවල් වීක් (Travel Week of Canada) පුවත් පත ශ්‍රී ලංකාව කැනේඩියානු සහස‍්‍රක (Millennial) සංචාරකයන් සඳහා අනර්ඝතම ගමනාන්තයක් ලෙස (top destination for Canadian Millennial travelers) ලෙස නම් කරන ලදී. එයද 2019 වසරේ ලැබූ තවත් නිර්දේශයකි.

නව අදහස දක්වන්න