2019දී නිවාස 7094ක් | දිනමිණ

2019දී නිවාස 7094ක්

ජයසිරි මුණසිංහ

කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත ජනතාවට “නිවසක් වෙනුවට ජීවිතයක්” තේමාව යටතේ පහසුකම් සපිරි නිවාස 40000ක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ කඩිනම්කොට ඇත.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

වසර 2016, 2017 හා 2018 තුළදී නිවාස ඒකක 3929 මේ ව්‍යාපෘතිය යටතේ අඩුපහසුකම් සහිත ජනතාවට ලබා දී තිබේ. නිවාස ඒකක 7694 ක් මේ වසරේ ලබාදීමට නියමිතය.

ඒ පිළිබඳව හා වසර 2019 තුළ ජනතාවට ලබාදීමට සැලසුම්කොට ඇති නිවාස ඒකක පිළිබඳ අනෙකුත් දත්ත පහත දැක්වේ.

2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති සියපත් සෙවණ, දෙමටගොඩ - 266, මට්ටක්කුලිය 1 -1,647, මට්ටක්කුලිය 2-1,076, අලුත් මාවත 1- 576, අලුත් මාවත 2-672, මාළිගාවත්ත 576, කොලොන්නාව 696, කොළඹගේ මාවත,කොළඹ 05-615, කාලිංඝ මාවත, කොළඹ 05-528, ටොරිංටන් මාවත120, කිඹුලා ඇල, බ්ලූමැන්ඩල් 472. මේ අනුව නිවාස 7094ක් ලබාදීමට සැලසුම් කෙරේ.

නව අදහස දක්වන්න