කොළඹදී විදෙස් අත්දැකීමක් | දිනමිණ

කොළඹදී විදෙස් අත්දැකීමක්

කොළඹ නගරයේ හදවත මධ්‍යයේ ගංගාරාම විහාරයට නුදුරින් බේරේ වැවට මුහුණලා ඉදිවන colombo city center හී පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් මස නිම කෙරුණා. සුපෝඛභෝගී ජීවිතයක සැබෑ අත්දැකීමක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අබාන්ස් සමූහ ව්‍යාපාරය හා මැලේසියානු Next Story Group ආයතනය එක්ව 2014 වසරේ ඇරඹි මෙම ව්‍යාපෘතිය කොටස් තුනකින් යුක්තයි. එහි පළමු අදියර සුපෝඛභෝගී සාප්පු සවාරියක අද්දැකීමක් ලබා දෙන colombo city center shopping mall

ශ්‍රී ලංකාවෙ මෙතෙක් තිබූ සාප්පු සංකීර්ණ සියල්ලටම තරඟකාරී යුගයක් ඇතිකිරීමට තරමේ පහසුකම් වලින් යුතු මෙම සාප්පු සංකීර්ණය බටහිර යුරෝපී රටක සාප්පු සවාරියක අත්දැකීමක් පාරිබෝගිකයාට ලබා දීමට තරම් උසස් අන්දමින් නිමවා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ සාප්පු සංකීර්ණය තුළ ඇති සියළු වෙළෙඳසල් නියමිත ප්‍රමිතියකින් යුතුව ඉදිරිපත්කොට තිබීමයි. එනම් විදේශ සමාගම්හි ශාඛා තම රටෙහි මුල් ශාඛාවන්ගේ අභ්‍යන්තර සැකැස්මෙහි ආකාරයටම මෙහි වෙළඳසැල් ද නිමවා තිබීමයි. ඇතැම් ආයතනවල ඇතුළත අලංකරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වා නිමවා තිබීමද විශේෂත්වයක්. කළමණාකරණ මණ්ඩලය පවසන අන්දමට එයින් ඔවුන් අපේක්ෂාකරනු ලබන්නේ.. විදෙස් රටකට ගොස් ලබන සාප්පු සවාරි අත්දැකීම මෙහිදී නොඅඩුව ලබාදිය හැකි බවයි. තවද මෙම වෙළඳසල් සංකීර්ණයේදී ඔවුන්ට අවශ්‍ය සියලුම වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසු කමද සපයා දී තිබෙනවා.

පළමු මහලේ ඉදිරිපස දොරටුවත් සමඟ ඇති හිස් අවකාශය විවිධාකාර වූ වැඩසටහන් සඳහා වෙන් කොට තබා තිබෙනවා. වසරකට වැඩසටහන් සඳහා යොදවා ඇති කාලය දින 200ක් වන අතර එම වැඩසටහන් දේශීය මෙන්ම විදේශීයන්ගේද සහභාගිත්වයෙන් සිදුකෙරෙනවා. ලොකු කුඩා භේදයකින් තොරව විනෝදවීමට මෙහි සලසා ඇති පහසුකම් පිළිබඳවද සදහන් කළ යුතුමයි. ඔවුන් අපේක්ෂා කර ඇති අන්දමට පවුලෙ සියලු දෙනාටම පැමිණ තම තමන්ට රිසි සේ මෙහි අත්ඳැකීම විඳගන්නට හැකියාවක් ලබාදීමයි. මෙම සුපිරි වෙළඳසල් සංකීර්ණය තුළ ඇති සන්නාමගත වෙළඳසල් සංඛ්‍යාව සියය ඉක්මවා යනවා. සති අන්තයේ දිනක මෙහි සාප්පු සවාරියක් යන ඔබට මුළු දවසම ගතකරන්නට තරම් පහසුකම් වලින් සමන්විත මෙම වෙ‍ළෙඳ සකීර්ණයේ සිනමා තිර 6ක් ඇති අතර උසස් තාක්ෂණයෙන් යුතුව එවා නිමවා තිබෙනවා.

මෙහි යන ඕනෑම කෙනෙක් food studio හී ඇති අවන්හල්වලින් ආහාර රසවිඳින්නට නම් අමතක කරන්නේම නෑ. මෙරට වෙළඳ සංකීර්ණයක් තුළ ඇති විශාලතම food court එක මෙය වන අතර 700ක් වැනි විශාල පිරිසකට මෙහි එකවර අසුන්ගෙන අහාර අනුභව කිරීමේ හැකියාව තිබෙනවා. එම අවන්හල් අතර, ආසියාතික මෙන්ම බටහිර රටවල ආහාර වේලක රස බැලීමටද ඔබට පුලුවන්. ඔවුන් එහිදී ලබාදෙන සේවාව ඉතා ඉහළ මට්ටමක පවතින අතර.. ඔබගේ ඇණවුම සූදානම් වන තුරු පෝළිමේ රැඳී බලා සිටිය යුතු නැහැ. උසස් තාක්ෂණික මෙවලම් හරහා ඔබට ඔබගේ ඇනවුම සූදානම් බව දැන්වූ පසුව ඔබට ගොස් එය රැගෙන ඒමට හැකියාව ලබා දී තිබෙනවා. මෙම අවන්හලේ සුවිශේෂීම කරුණ වන්නේ අනෙක් සියලු සාප්පු සංකීර්ණයන්හී බිම් මහලෙහි තිබෙන අවන්හල් වලට වඩා වෙනස් අත් දැකීමක් ඔබට ලබා දීම පිණිස සාප්පු සංකීරණයේ ඉහළම මහලේ බේරේ වැවට මුහුණලා සකසා තිබීමයි.. දර්ශණීය වට පිටාවක සුන්දරත්වයත් මුහුද දෙසින් හමා එන සුළඟත් ඔබට විවෘත අංගනයේ සිට අහාර අනුභව කරන්නේ නම් එය අලුත්ම අත්දැකීමක් බවට පත් වෙනවා නිසැකයි. මෙහි ආහාර සඳහා අවන්හල් වෙනමත්, බීම වර්ග සඳහා වෙනමත්, අතුරු පස සඳහා වෙනමත් වෙළඳකුටි 20කට අධික ප්‍රමාණයකින් වර්ග ගතකොට තිබෙනවා.මෙහි ආවන්හලක් මිළඳී ගැනීමේදී ඔවුන් දිදිරිපත් කරන යෝජනාව සහ ඔවුන්ගේ අවන්හලෙහි ඇතුළත සැකැස්ම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන අතර. ඉත උසස් තත්වයේ ව්‍යාපාරික යෝජන වලට පමණක් ඔවුන්ගේ අනුමැතිය ලබා දෙන බවද කළමණාකරන මණ්ඩලය පවසනවා.

ඔබට ඔබේ කුඩා දරුවාගේ විනෝදාස්වාදය වෙනමත් ඔබ කැමති වට්ටොරුවෙහි ඇති විනෝදාස්වාදය වෙනමත් ලබාගැනීමට මෙම ආයතනය විශේෂිත සේවාවක් ලබා දී තිබෙනවා. කුඩා ළමුන් සඳහා ඇති play aria එකෙහි ඔබේ දරුවා රඳවා තබා ඔබට ඔබේ වැඩකටයුතු කරගැනීමට මෙන්ම දරුවාට ආරක්ෂිත වුත් විනෝදාත්මක වූත් අත්දැකීමක් ලබාදීමට පුලුවන්. එම play aria එකෙහි ඔබ දරුවා රඳවා යන්නේ නම් ඔබ එහි දරුවා රදවන විට වන ලියාප්දිංචි වීමේදී ඔබගේ ජංගම දුරකතනයට එන link එක හරහා ඔබගේ වැඩ අතරතුරදී දරුවා කුමක් කරන්නේද යන්නත් ඔහු ආරක්ෂාකාරීද යන්නත් සජීවීව පරීක්ෂා කොට බලා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම ස්ථානයෙ දරුවා රඳවා තබා යන්නේ නම් ඔවුන් මේස් කූට්ටමක් පැල්ඳ සිටිය යුතු බවත්, එයින් ඔවුන්ගේ සනීපාරක්ෂාව වඩාත් සුරැකෙන බවත් එහි සිටින සේවිකාවක් පැවසූ අතර එසේ මේස් කූට්ටමක් නොමැති දරුවන්ට එහි ලියාප්දිංචි වන අවස්ථාවේ මිළඳීගන්නටද පුලුවන් එයට යන අමතර මුදලා ඉතා කුඩා ප්‍රමාණික වෙනවා.

මෙහි රථගාල වෙළඳසංකීරණයට ඉහළ මාලයේ පිහිටා ඇති අතර එහි මහල් තුනක් රථ 300ක් සඳහා ඉඩ වෙන්කොට තබා තිබෙනවා. නවීනතම පහසුකම් යටතේ ඇති එම රථගාලෙහි රථය නවතා තබන ඔබට රථය පිළිබඳ ආරක්ෂාව පිළිබද කිසිදු ගැටලුවක් නැහැ. එමෙන්ම එම රථගාලෙහි සැකැස්ම අනුව ඔබට ඉතා පහසුවෙන් රථය නැවැත්වීමටත් යළි රැගෙන යාමටත් පුලිවන්.

මෙහි පැමිණෙන පාරිබෝගියන්ගේ ආරක්ෂාව වෙනුවෙනුවෙන් ඔවුන් දැඩි අවධානයක් යොමු කර ඇති අතරම සනීපාරක්ෂණ කටයුතු සඳහා දෙන සේවාව නොමිළයේ ලබා දීමටත් ඔවුන් සැළකිළිමත්වී තිබෙනවා.

ලංකාව පුරා ව්‍යාප්තව ඇති city center හා සැසඳීමේදී මෙය එම කිසිදු වෙළෙඳ සංකීර්ණයක් සමඟවත් සබන්දයක් බොමැති බවක්ද එහි කළමණාකරණ මඩුල්ල පවසනවා. හුදෙක් විදේශ රටක සාප්පු සවාරි ගොස් ගන්නා අත්දැකීමම ලංකාවෙ ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අත්දැකීම විඳගැනීමට ඉඩ ලබාදීම බව ඔවුන් තව දුරටත් පවසනවා.

මෙහි සේවක මණ්ඩලයන්ද ඉතා උද්‍යෝගිමත්ව තම රාජකාරිය කරගෙන යනවා. සුහදශීලී බවත් නොපැළිකිව ලබාදෙන කඩිනම් සේවයත් අගය කළ යුතුමයි. ඔවුන්ට තම වෙළෙඳසැලින් ලබාදෙන පුහුණුවට අමතරව. Colombo city center වෙතින් ලබා දෙන අමතර පුහුණුවත් එයට හේතුවක් බව පැවසිය යුතුමයි. එවැනි පුහුණුවක් මඟින් ඔවුන් අපේක්ෂාකොට ඇත්තේ විදෙස් රටක පාරිබෝගිකයාට ලැබෙන විනීත කාරුණික උසස් සේවයම මෙම සුපිරි වෙ‍ළෙඳ සංකීර්ණයෙන්ද ලබා දීමයි.

බිම් මහලෙහි ඇති සුපිරි වෙළෙඳ සැලද ඔවුන්ගේ අනෙක් ශාඛා ජාලයන්ගෙන් වෙනස් පෙනුමක් ගන්නා අතර, එහි ඇති සියළු පාරිබෝගික භාණ්ඩ නැවුම් මෙන්ම උසස් තත්ත්වයෙ භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය වෙනවා. ඔබට එහිදී ලබා ගන්නා අතැම් මස් මාංශ එහිදීම පිසගෙන යාමෙ හැකියාවද ලබාදී ඇති අතර. කාර්ය බහුල ජීවිතයක් ගෙවන ඔබට එය ඉතා පහසු තෘප්තිමත් අත්දකීමක්ද වනවා නිසැකයි.

මෙම ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර ලෙස මීළඟට සුපෝඛභෝගී හෝටලය නිම කිරීමට මෙහි ආයෝජකයින් අපේක්ෂා කරන අතර 192 වූ සුපිරි මහල් නිවාස ව්‍යාපෘතිය අවසානයට නිම කිරීමට අපේක්ෂා කරනවා. දෙස් විදෙස් බොහෝ පිරිසක් අද වන විටත් colombo city center වෙත වැඩි වැඩියෙන් ඇඳී එන්නට පටන්ගෙන තිබෙනවා එයට හේතුව වන්නෙ සුපිරි සාප්පු සවාරියක නැවුම් අත්දැකීම ලබාගැනීමට ඇති රුචිකත්වයයි. මෙහි සිටින ආරක්ෂක මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන්ද ඉතා කාරුණික මෙන්ම සහයෝගීමත් පිරිසක් බව අමතක නොකළ යුතු කරුණක්.

විශේෂ ස්තූතිය - කළමණාකරන මණ්ඩලයට හා සේවක මණ්ඩලයට නිශාන්ත ෆර්නෑන්ඩු

නව අදහස දක්වන්න