බදුල්ලට මිලියන 35ක බැඩ්මින්ටන් පිටියක් | දිනමිණ

බදුල්ලට මිලියන 35ක බැඩ්මින්ටන් පිටියක්

ඌව පළාත් බැඩ්මින්ටන් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඌව පළාත තුලින් බිහිකිරීමේ අරමුණින් ඌව පළාත් බැඩ්මින්ටන් සංගමයේ ඉල්ලීම මත සියලු පහසුකම් වලින් යුත් රුපියල් 34,000,000 වියදමින් බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩාගාරය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් සුභ මොහොතින් අද (23) දින මුල් ගල් තබන ලදි.

මේ අවස්ථාවට මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක, බදුල්ල නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහත්වරු ඇතුළු නගරසභා මන්ත්‍රීන් පිරිසක්ද එක්ව සිටියහ.

සටහන සහ ඡායාරූප
ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

නව අදහස දක්වන්න