වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බෑ | දිනමිණ

වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බෑ

වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් කල් මේ රට කිසිදු පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන බවත් නව ව්‍යවස්ථාවක් ඇතිකොට රටේ සංහිඳියා ඇති කළ යුතු යැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වූ සම්බන්ධීකරණ කාර්යාල මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මහජන අදහස් විමසීම් කමිටු සාමාජික එක්සත් ජනතා පෙරමුණේ දේශපාලන පක්ෂයේ නායක, සිරිමසිරි හපුආරච්චි මහතා පැවසීය.

මේ සම්මන්ත්‍රණය ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්ම ධූත පිරිවෙන් මහ විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම සඳහා ඇතිබාධක දුරුකර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ලොව ඉහළ තලයකට ශ්‍රී ලංකාව නංවාලීමට නව ව්‍යවස්ථා සම්පාදනයෙන් හැකි වන බවත් සියලුම දෙනාගේ එකඟත්වයක් ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කටයුතු කරන්නේ රට බෙදන්න නොවේ. රට එක්සත් කරන්න බලහවුල්කාරීත්වයකට සියලුම දෙනා එකඟ කරන්නයි.

නිදහසෙන් පසු රටක් වශයෙන් අප මුහුණ දුන්න ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුම් ලබාදීමට ප්‍රතිඥා දුන්නත් බලයටපත් වන සියලුම නායකයන් රට ඉදිරියේ බලයට පත් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවයි.එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ද අපට දැක බලා ගත හැකියි.

අපේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය දෙස බලන කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කීපයක් ඇති බව පෙන්වා දීමට පුළුවනි. 1931, ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1947 සොල්බරි ව්‍යවස්ථාව 1972, ජනරජ ව්‍යවස්ථාව 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව ඇති කර ඇත්තේ එකට රජයේ නායකයන්ගේ විවිධ අවශ්‍යතා සඳහා විය.ජනතාවගේ අදහස් විමසා නොවෙයි.විශේෂයෙන් 1972, සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ බලවත් විරෝධය මැද්දේ බව කිව යුතුයි. එදා රටේ පැවති තත්ත්ව නොවෙයි අද සියලුම ජාතීන්ගේ අනුමැතිය ඇතිව අපට වඩාත් ගැළපෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට හැකි අවස්ථාවක් උදා වී තිබෙනවා. පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් ඇතුළු දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන හා පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන් සමඟ ගිවිසුම් අත්සන් කළේ පිහිටුවා ගන්නා ලද නව රජය තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර රටට ගැළපෙන රටේ සංහිඳියාවක් ඇති කිරීම, ජනතාව හමුවේ කියා සිටියේ ජනතා කැමැත්ත ලබා දෙන ලෙසයි. ඒ අනුව රටේ ජනතාවගේ වැඩි බහුතරයක් යහපාලන රජය පත්කර ගත් බව පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ප්‍රධාන 20 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික් ජනතාවගෙන් ලබාගත් යෝජනා සහිත කෙටුම්පත පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය වෙත ඉදිරිපත් කර එහි ඇති ජනතා යෝජනා සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම වැදගත් වෙනවා. එය ක්‍රියාත්මක කරගන්න සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ සහාය ලබා දිය යුතු බවද පැවසීය.

නව අදහස දක්වන්න