බකමූණන්ට දැන් සුවයි | දිනමිණ

බකමූණන්ට දැන් සුවයි

 වාහනයක හැපී තුවාල ලබා සිටි බ්‍රවුන් ෆිෂ් අවුල් වර්ගයේ බකමූණන් දෙදෙනකු ලද තොරතුරක් මත පසුගිය දිනක තවලම මලල්ගොඩ සහ නෙළුව තුන්දොළ යන ප්‍රදේශවලදී සොයා ගත් බව හික්කඩුව වනජීවී නිලධාරීහු පැවසූහ.

වඳවී යාමට ලක්ව සිටින මෙම බකමූණන් වැඩි වශයෙන් ගැවසෙන්නේ දියඇළි සහ වදුළු සහිත ප්‍රදේශවල බව එම නිලධාරීන් අප හා පැවසීය. තුවාල ලබා සිටි මෙම සතුන් දෙදෙනා ප්‍රතිකාර ලබා දීමට අත්තඩියේ තිබෙන පශු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබිණි.

මෙම සතුන් දෙදෙනා සොයා ගනු ලැබවේ හික්කඩුව වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරකෂක රජිත ගුණසිංහ, වන සත්ත්ව අඩවි සහකාර නිලධාරීන් වන කේ.සරත් ඉන්ද්‍රපාල සහ ඉන්දික සිල්වා යන මහත්වරුන් විසිනි.

සටහන සහ ඡායාරූපය
අම්බලන්ගොඩ සමූහ ආර්. ඤාණදාස 

නව අදහස දක්වන්න