පුංචි සිරිපාදේ ගිය සුද්දො 10කට බඹරු ඇනලා | දිනමිණ

පුංචි සිරිපාදේ ගිය සුද්දො 10කට බඹරු ඇනලා

මීගහකිවුල සමූහ එන්. නවරත්න

ඇල්ල පුංචි ශ්‍රීපාද කඳු වැටිය නැරඹීමට පැමිණෙමින් සිටි විදේශිකයන් දස දෙනෙකු ඇතුළු සංචාරකයන් පහළොස් දෙනෙකු ඊයේ (23) දහවල් 11.30ට පමණ පුංචි ශ්‍රීපාද කඳු වැටියේ දී එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබ දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. කඳුවැටියේ ගසක් මත බැඳ තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මේ අනතුර සිදුව ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වේ.

බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර ලාංකිකයන් පස් දෙනකු ද සිටින බව පොලීසිය පවසයි. ඇල්ල පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. එම්. එම්. කේ. අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වේ.


නව අදහස දක්වන්න