කැපූ ළිඳෙන් බෝම්බ මතු වෙයි | දිනමිණ

කැපූ ළිඳෙන් බෝම්බ මතු වෙයි

වවුනියාව උතුර සමූහ - බන්දුල සෙනෙවිරත්න

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පොළොව යට ගබඩා කොට තිබූ තවත් බෝම්බ තොගයක් යාපනයේ වඩමරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ අම්බාන් ප්‍රදේශයෙන් හමු වී තිබේ. අම්බාන් ප්‍රදේශයේ වැසියෙකු ළිඳක් කැපීමට පොළොව හාරමින් සිටි අවස්ථාවේ දී මේ බෝම්බ තොගය හමුවී ඇති අතර එහි මිලිමීටර් 81 වර්ගයේ බෝම්බ හතරක්, තවත් මෝටාර් බෝම්බ 54 ක්, පීඩක බෝමබ 6ක්, ජොනී බට්ටන් 62 ක් හමු වී තිබේ. අධිකරණ නියෝග මත බෝම්බ තොගය පුපුරවා විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසීය පියවර ගෙන ඇත.

 

නව අදහස දක්වන්න