ජාතික දින උළෙල ජනපති - අගමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

ජාතික දින උළෙල ජනපති - අගමැති ප්‍රධානත්වයෙන්

උදුලා පීරිස්

ප්‍රධාන ආරාධිතයා මාලදිවයින් ජනාධිපති

පෙබරවාරි 04 වෙනිදාට යෙදෙන හැත්තෑ එක් වැනි ජාතික දින උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු කෙරෙමින් පවතින බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිත බවද කීය.  ඇමැතිවරයා මෙසේද කීය.

ජනවාරි 26.27,31 පෙරහුරු පැවැත්වෙන නිසා පෙරවරු 7 සිට 12 දක්වා ගාලුමුවදොර ප්‍රදේශය වසා තැබේ. පෙබරවාරි 1,2,3, 4 දිනවල පෙරවරු 7 සිට 2 දක්වා සංස්කෘතික පෙරහුරු පැවැත්වෙන බැවින් එම මාර්ග වල රථවාහන ගමනා ගමනයට අපහසුතා ඇතිවිය හැකිය. විශේෂයෙන් පෙබරවාරි 04 දින පෙරවරු 5.00 සිට දවල් 2.00 දක්වා ගාලු මුවදොර අවට ප්‍රදේශයේ මාර්ග ධාවන අපහසුතා ඇතිවිය හැකිය. මාර්ග ධාවන අවහිරතා සම්බන්ධයෙන් ගාලු මුවදොර පිටිය අවට ඇති හෝටල් දැනුවත් කර ඇතැයි කී ඇමැතිවරයා මීට සමගාමීව හෝටල්වල සිටින විදේශිකයින්ට හා හෝටල්වල රැදී සිටින සෙසු අයට අපහසුතාවයක් නොවන පරිදි කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇතැයිද කීය.

 

 


නව අදහස දක්වන්න