පෙබ1-7 දක්වා ජාතික කොඩිය ඔසවා තබන්න | දිනමිණ

පෙබ1-7 දක්වා ජාතික කොඩිය ඔසවා තබන්න

උදුලා පීරිස්

එළඹෙන පෙබරවාරී 04 දිනට යෙදෙන 71 වෙනි ජාතික දින උළෙල නිමිත්තෙන් පෙබරවාරී 01 සිට පෙබරවාරී 07 දක්වා සතියක කාලයක් තුළ සියලු රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා නිවාස වල ජාතික කොඩිය ඔසවා තබන ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අදාළ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලිහ් මහතා සහභාගීවීමට නියමිතය.ජාතික දින රාජ්‍ය නිදහස් උළෙලට සහභාගිවන මාධ්‍යවේදීන් ඇතුලු සැමට උළෙලට උචිත ඇදුමකින් සැරසී පැමිණෙන ලෙස ඉල්ලීමක් කළ ඇමැතිවරයා

මේ වන විට මේ උත්සව කටයුතු වෙනුවෙන් අදාළ රාජ්‍ය චක්‍ර ලේඛන නිකුත් කර අවසන් බව ද ඊයේ (23) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

නව අදහස දක්වන්න