බෝ නොවන රෝග පාලනයට ඩොලර් මිලියන 200ක් | දිනමිණ

බෝ නොවන රෝග පාලනයට ඩොලර් මිලියන 200ක්

සමන්මලී ප්‍රියශාන්ති

බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යෘපෘතිය මෙරට ක්‍රියාත්මක කිරිමට ලෝක බැංකුව ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා අන්තර්ජාතික බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

රට තුළ තෝරාගත් ප්‍රාදේශයන්හි අධි අවදානම් සහිත ජනගහණ කාණ්ඩවල බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා භාවිතය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම යෝජිත ව්‍යාපෘතියේ අරමුණ වේ.

මේ ව්‍යාපෘතියේ මුල්‍ය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ Ms. IdahPswarayi – Riddihough, මහත්මීන් අතර මුදල් අමාත්‍යංශයේදී ඊයේ අත්සන් තැබිණි. මේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති හා ප්‍රමිතීන් සංවර්ධනය කිරීමට සහ විවිධාකාර උපකාරක පද්ධතීන් ශක්තිමත් කිරීමට නියමිත අතර වඩාත් සංකීර්ණ, සම්බන්ධිකාරක හා මහජන කේන්ද්‍රගත සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති කිරීම ද අපේක්ෂා කරයි.

 

නව අදහස දක්වන්න