පත්තිරිප්පුවේ පිවිසුම් දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කරයි | දිනමිණ

පත්තිරිප්පුවේ පිවිසුම් දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කරයි

අසේල කුරුළුවංශ

ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්‍ය උත්සවය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු කෙරිණි.

ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේවරයෙකු වන හීන්බණ්ඩා උඩුරාවණ නිලමේගේ දියණිය වන නෙලුම්දේවී උඩුරාවණ බස්නායක මහත්මිය හා ඇගේ සැමියා වන අධිනීතීඥ සෙනරත් බස්නායක මහතා විසින් රුපියල් ලක්ෂ විසි දෙකක මුදලක් වැයකර මේ දොර නිර්මාණය කර තිබේ.

වැඩසිටින මාල‍යේ හා පහළ මාලයේ පිවිසුම් දොරටු රිදී වැඩ යොදා ප්‍රතිසංස්කරණය කර තිබෙන බවත් පත්තිරුප්පුවේ ප්‍රධාන පිවිසුම් දොර හිටපු දිවඩන නිලමේවරයෙකු වන උඩුරාවණ මහතාගේ දියණියක වන නෙලුම්දේවී උඩුරාවණ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම පවුලේ වියදමින් ප්‍රතිසංස්කරණය කර දළදා මැඳුරට පූජා කළ බවත් ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී වසර 21 ක් ගතවන අවස්ථාවේ තම මවුපියන් සිහිකර මේ උතුම් පුණ්‍යකර්මය සිදු කිරීමට ලැබීම භාග්‍යයක් බව නෙලුම්දේවී උඩුරාවණ මහත්මිය කීවාය.

ඡායාරූපය-කුණ්ඩසාලේ සමූහ-

 

නව අදහස දක්වන්න