කමිටු වාර්තාව විෂය භාර ඇමතිවරියට | දිනමිණ

කමිටු වාර්තාව විෂය භාර ඇමතිවරියට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එහි නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ බන්ධනාගාර දෙපාර්තමේන්තු කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරල වෙත භාර දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට සමාජිකයින් තිදෙනෙකු ඇතුළත් ය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ වාර්තාව සිද්ධිය සම්බන්ධ නිලධාරීන් හා රැඳවියන් 40 දෙනෙකුට අධික පිරිසකගේ ප්‍රකාශ පදනම් කරගනිමින් සකස් කර ඇති බවයි.

පහරදීම සිදුවන දර්ශන ඇතුළත CCTV වීඩියෝ පට මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එම වාර්තාවෙන් ඔවුන් පෙන්වා දී ඇත.

නව අදහස දක්වන්න