ශ්‍රී ලංකාව හරහා අමෙරිකා යුධ නැවකට සැපයුම් | දිනමිණ

ශ්‍රී ලංකාව හරහා අමෙරිකා යුධ නැවකට සැපයුම්

අමෙරිකාව විසින් සිය හමුදාවන්ට අවශ්‍ය සැපයුම් භාණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුමක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා තාවකාලික භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමවේදය යටතේ ඊයේ දිනයේදී සිදුකර තිබේ.

දැනට ශ්‍රී ලංකාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ ස්ථානගත කර තිබෙන "USS ජෝන් සී ස්ටෙන්සිස්" නම් ප්‍රහාරක ගුවන් යානා රැගත් නාවුක බළඝණයට අවශ්‍ය මෙම සැපයුම් තොගයන් බහරේන් සිට මෙරටට ඒවා ඇත.

එම සැපයුම් තොගය කටුනායක ගුවන් තොටුපලේ සිට "USS ජෝන් සී ස්ටෙන්සිස්" නෞකාව වෙතට අමෙරිකා නාවික හමුදාවේ VCR-30 බලඝණයට අයත් C-2A Grayhounds නම් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් හරහා රැගෙන ගොස් තිබේ.

අදාළ භාණ්ඩ රැගෙන යාම සඳහා C-2A Grayhounds ගුවන් යානා දෙක මෙරටට ඒවා තිබුනේ ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ස්ථානගත කර තිබෙන යූඑස්එස් ජෝන් සී ස්ටෙන්සිස් නෞකාව විසින්ය.

මෙම තාවකාලික භාණ්ඩ හුවමාරු කිරීමේ මෙහෙයුම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 25ක් එක්වනු ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

 

නව අදහස දක්වන්න