පුද්ගලික ගිනි අවි සංගණනය කෙරේ | දිනමිණ

පුද්ගලික ගිනි අවි සංගණනය කෙරේ

පුද්ගලික ආරක්ෂාව, දේපල ආරක්ෂාව සහ පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන වෙත ලබාදි ඇති සියලුම ගිනි අවිවල සංගණනයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම ගිනි අවිවල නිවැරදිතාව පරික්ෂා කිරීම සඳහා සංගණනය සිදු කරන අතර එම දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ක්‍රිඩා කටයුතු සදහා ලබාදී ඇති ගිනි අවි සංගණනය සහ නිවැරදිතාවය පරික්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන අතර එම කටයුතු අද දිනයෙන් අවසන්විමට නියමිතයි.

අදාල නිවේදනය පහත පරිදි දැක්වේ.

නව අදහස දක්වන්න