යුරෝපා සංචාරකයන් වැඩි වේ | දිනමිණ

යුරෝපා සංචාරකයන් වැඩි වේ

ශ්‍රී ලංකාව සඳහා ප්‍රධාන සංචාරක ප්‍රභව දහයෙන් එකක් වන නෙදර්ලන්තයේ සිට සංචාරක පැමිණීම්වල ස්ථාවර වර්ධනයක් මෑත වසරවල සිට දක්නට ලැබිණි. පසුගිය වසර තුළ, දෙසැම්බර් වන විට එම වසර සඳහා සංචාරක පැමිණීම්වල එකතුව 57000ක් විය. මෙම ඕලන්ද සංචාරකයන් මෙරටට පැමිණීමේ වර්ධනය වන ප්‍රවණතාවයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය උපායමාර්ගික වෑයමක් ලෙස Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනයේ මූලික තැනක් ගැනීමට කටයුතු කර ඇත . ජනවාරි 9 වැනිදා සිට 13 තෙක් යුට්‍රෙච් නගරයේ පැවැති Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය ලොව පුරා සංචාරක ආයතන, සංස්කෘතික සංගම් හා රජයන් නියෝජනය කරනු ලබන ප්‍රවර්ධන කාර්යාංශ අතර හමුවීමේ ස්ථානයක් ලෙස සලකනු ලැබේ. එමෙන්ම මෙම ප්‍රදර්ශනයඕලන්ද වෙළඳපොළ සඳහා විශාලතම චාරිකා හා සංචාරක ප්‍රදර්ශනය ලෙසද සලකනු ලැබේ .

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය මෙම ප්‍රදර්ශනය සඳහා දශකයකට අධික කාලයක් තිස්සේ සහභාගි වූ අතර නෙදර්ලන්තයේ සිට සංචාරකයන් පැමිණීම වර්ධනය වීම කෙරෙහි යම් දුරකට බලපාන ලද්දේ මෙම Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය වැනි උත්සවවලදී සිදු කරනු ලබන ගමනාන්ත සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ය.

නව අදහස දක්වන්න