ලොව උප­යන ධන­ස්ක­න්ධ­යෙන් 50% ප්‍රකෝ­ටි­පති 26 දෙන­කුට! | දිනමිණ

ලොව උප­යන ධන­ස්ක­න්ධ­යෙන් 50% ප්‍රකෝ­ටි­පති 26 දෙන­කුට!

ලෝකයේ වෙසෙන අය උපයන ධනය සමානාත්මතාවයකින් බෙදී නොයාම සෝචනීය කරුණක් වුවත් එලෙස බෙදීයාමට නොහැකි හේතුද එමටයි. බිලියන 7.7ක ඉමහත් ජනගහණයකින් හෙබි මේ මහාද්වීප පහකින් සැදි භූමිතලය මත එක්රැස්වන ධනය මිනිසුන් 26 දෙනකු විසින් පාලනය කරනු ලැබීම විශ්මය ජනක මෙන්ම අසාධාරණ යැයි ආර්ථික විද්වතුන් පෙන්වා දෙති. 2022 වනවිට බිලියන 8කට කිට්ටු ජනගහණයක් අපේක්ෂිතයි. ජනගහනය 400%ක වර්ධනයක් 20 වන ශතවර්ෂයේ වාර්තා වුවත් දැන් ක්‍රමයෙන් එය අඩුවෙමින් පවතියි. දැනට වාර්ෂිකව 1%ක වර්ධනයක් දක්වා පහත බැස ඇත. නමුත් ධනය ලෝකයේ අධි ධනේෂ්වර 26 දෙනකු අතර ගැවසෙතත් ලෝකයේ දුප්පත් දරිද්‍රතාවයෙන් පසුවන බිලියන 3.8ක ජනකායක් උපයන මුදලට වැඩි සල්ලියක් ඔවුන් අතින් පාලනය වන බව දත්ත වාර්ථා පෙන්වා දෙයි.

වාර්ෂික ලෝක ආර්ථික සමුළුවට අනුව සංවර්ධනය (ඩෙවොස්නි පැවැත්වුණු) පිළිබඳ ක්‍රියාකාරී ඔක්ස්ෆෑම් (Oxfam) කරුණු දැක්වූයේ 2018 වර්ෂය තුළ ලෝක ධනවතුන් වඩාත් ධනවත් වූ අතර දුප්පතුන් වඩාත් අන්ත දුගී තත්ත්වයට හැරුණු වසරක් ලෙස ඉතිහාස ගතවන බවයි.

දරිද්‍රතාවයට එරෙහිව ගෙන යන සටනේදී පුළුල්වන ධනවත් දුගී ආර්ථික පරතරය සලකා බලන 1%ක ධන බද්දක් අයකරගතහොත් ඉන් වසරකට එක්රැස්වන ඩොලර් බිලියන 418 (යෝරෝ) බිලියන 325) තුළින් පාසල් නොයන හැම දරුවකුටම අධ්‍යාපනය ළඟා කරදිය හැකි බවත්, සෞඛ්‍ය සේවා ලබාදීම තුළින් මරණයට ගොදුරු වන ජීවිත මිලියන 3ක් ජීවත් කරවීමටද හැකි බව කියා සිටියේය.

ඔක්ස්ෆෑම් ඉදිරිපත් කළ දත්ත අනුව 2018 වසර තුළ ප්‍රකෝටිපතියන් 2,200ගේ ධනය දිනකට ඩොලර් බිලියන 2.5 බැගින් බිලියන ඩොලර් 900 වර්ධනයක් පෙන්වා තිබේ.

මෙම ධනය බෙදී යෑමේ අසමතුලිතතාවය වඩාත් තීව්‍ර ලෙස පෙනී ගියේ 12% වර්ධනයක් ලෝකයේ වඩාත්ම ධනවත් 50%ක් අත්කරගත් අතර දුප්පත් යැයි සැළකෙන අර්ධ ගෝලයේ වත්කම 11%කින් පහතවැටීම වාර්ථා වීම නිසාය.

එම වාර්ථාව පෙන්වා දෙන ලෙසට මෙම විපර්යාස ඇතිවූ දස වසර කාලය තුළ පැවති ආර්ථික අහේනියෙන් පසුව ප්‍රකෝටිපතියන්ගේ ගණන දෙගුණ වූ බව කියැවෙයි. 2017 හා 2018 වසර තුළ දෙදිනකට වරක් හෝ අලුත් ප්‍රකෝටිපතියකු ඇතිවීම විශේෂයි.


නව අදහස දක්වන්න