සිමෙන්ති කම්හ­ලකට චීන අයෝ­ජ­න | දිනමිණ

සිමෙන්ති කම්හ­ලකට චීන අයෝ­ජ­න

 හම්බන්තොට අපනයන සැකසුම් කලාපයෙහි නව සිමෙන්ති කම්හලක් ඇරඹීමට චීන සිමෙන්ති නිෂ්පාදකයෙකු සැලසුම් කරයි.

සංවර්ධන ක්‍රමෝපායන් සහ ජාත්‍යන්තර වෙළඳ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසන පරිදි චීනයේ සිමෙන්ති සමාගමක් සෘජුවම දේශීය වෙළෙඳපොළ වෙත පිවිසෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

චීන සමාගමේ ප්‍රධාන ඉලක්කය දේශීය වෙළඳපොළ වනු ඇතැයි නලීන් බණ්ඩාර මහතා මෙහිදී පැවසා තිබේ.

මෙරට සිමෙන්ති නිෂ්පාදනය සිදුවුවත් ,එය දේශීය අවශ්‍යතාවට සරිලන්නේ නෑ පරිභෝජනයෙන් සියයට 55 ක් ආනයනය කිරීමට සිදිවෙනවා. එනිසානව නිෂ්පාදකයාට සිමෙන්ති මෙරට අලෙවි කිරීමට අවස්ථාවක් හිමිවෙනවා ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ව්‍යාපෘතිය සඳහා ඉඩම් ප්‍රතිපාදන හා පාරිසරික ඇගයීම දැනටමත් නිම කර ඇති අතර, මෙම බලාගාරය 2020 මැයි මාසයේ දී නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

චීන සමාගම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනයන් සියයට 40 ක පමණ ප්‍රමාණයක් නිම කිරීමට අපේක්ෂා කරන අතර , එය ක්‍රමානුකූලව වර්ධනය කිරීමට සැලසුම් කරයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ දේශීය ඉල්ලුම සපුරාලන කර්මාන්තයේ නියැලි සමාගම් කීපයකින්ද, ඉල්ලුම සැපිරීම සඳහා අසල්වැසි රටවල විවිධ කර්මාන්ත ශාලාවලින් සිමෙන්ති ආනයනය කිරීම සුදුකරයි

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න