අභාවයන් | දිනමිණ


 

අභාවයන්

කුසුම් තිලක් සේපාලිකා නාඔටුන්න මැතිනිය - රත්නපුර. අභාවප්‍රාප්ත එන්.පී.ජී. අප්පු සිංඤෝ මහතා සහ ආරියවතී සමරවික්‍රම මැතිනියගේ දෙටු දියනිය වූද,​ අභාවප්‍රාප්ත සේපාල,​ අභාවප්‍රාප්ත ලලිතා මනෝරංජනීගේද චූලා නාඔටුන්න,​ මෙත්තානී නාඔටුන්න,​ කපිල නාඔටුන්න යන අයගේ වැඩිමහල් සොහොයුරිය වූද සිරන්සි සහ මානෙල්ගේ ඥාති සොහෙයුරිය වූද දිනුෂා,​ මද්‍රික්,​ යසින්දි,​ චමිද්‍රි සහ නවින්ද්‍රි යන අයගේ ලොකු නැන්දා වූද යශෝධාගේ ලොකු අම්මා වූද,​ පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසල,​ කැලණිය ධර්මාලෝක විද්‍යාලය සහ ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් විද්‍යාලයන්හි ගුරු සේවයෙන් විශ්‍රාමලත් ප්‍රවීණ විද්‍යා ආචාරිනී මැණික් විද්‍යාඥ ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකා කුසුම් තිලක් සේපාලිකා නාඔටුන්න (රණබාහු) මැතිනිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු 2019 ජනවාරි 26 සෙනසුරාදා සවස 5.00 ට රත්නපුර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 54,​ බඩුගබඩා පාර,​ රත්නපුර.
008481

A.A.K. අමරසිංහ - විශ්‍රාමලත් පරිපාලන නිලධාරි (ගොවිජන සේවා) පත්මා අමරසිංහගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ පණ්ඩුක,​ උජිත,​ රනිල් (ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය පියාණන් වූද,​ නදීෂා,​ ඩෙනිටා යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ තිස්ස (නැසීගිය කම්කරු දෙපාර්තමේන්තුව පරිපාලන නිලධාරි) නන්දනී (විශ්‍රාමලත් පාඨශාලාචාරිනි) යන අයගේ සහෝදරයා වූද,​ A.A.K. අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 25 වෙනි සිකුරාදා සවස 4.00 ට ගම්පහ උඩුගම්පොල ආදාහනාගාරයේදී සිදු කෙරේ.
008677

නව අදහස දක්වන්න