පොල් වගාවට හානිකරන මයිටා වඳ කරන්න සත්ව විශේෂයක් | දිනමිණ

පොල් වගාවට හානිකරන මයිටා වඳ කරන්න සත්ව විශේෂයක්

පොල් ඵලදාවට හානි කරමින් පොල් වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන පොල් ‘මයිටා’ රෝගය සම්පූර්ණයෙන්ම විනාශ කරන සත්ව විශේෂයක් සමඟ, නිෂ්පාදනාගාරයක් ගම්පහ පොල් වගා කිරීම මණ්ඩලය යටතේ ආරම්භ කර ඇත. මේ යටතේ දැනටමත් සත්ත්ව විශේෂය අඩංගු පැකට් 15000ක් නිෂ්පාදනය කර ඇති බවද පොල් වගා මණ්ඩලය ගම්පහ ප්‍රධාන කළමනාකාර කුළරත්න, මහතා පැවසීය.

මේ යටතේ මයිටා රෝගයට ගොදුරුව සිටින පොල් ඉඩම් හිමියන්ට ගම්පහ කාර්යාලයට පැමිණ අවශ්‍ය උපදෙස් සමග එම පැකට් ලබා ගත හැකි බවද කුළරත්න මහතා පැවසීය. මේ යටතේ, අක්කරයකට පොල් ගස් අසූවක්, අනූවක් ඇතත් ගස් දහ හතකට, දහ අටකට පැකට් එක බැගින් ප්‍රමාණවත් වන බවද පොල් වගා සංවර්ධන මණ්ඩලය පවසයි.

ගස් හතරකට එක් පැකැට්ටුවක් ප්‍රමාණවත් වන අතර, එමගින් පොල් ගසේ කරාලයේ සිටිනා මයිටාවන් සිය ගණනාවක් විනාශ කරන අතර යාබද ගස්වලටද එය ප්‍රමාණවත් වන බවද පැවසේ.

දැනට නොමිළයේ මෙම මයිටා රෝග මර්දන පැකට් ලබාදෙන අතර ඉදිරියේ දී සුළු නිෂ්පාදන මුදලක් අපේක්ෂා කරන බවද කුලරත්න මහතා පැවසීය.

වතුරුගම සමූහ වාර්තාකරු - කේ.කේ.එස්. ආරියදාස

නව අදහස දක්වන්න