මහින්දෙන් මහින්දයන්ට උපහාර | දිනමිණ

මහින්දෙන් මහින්දයන්ට උපහාර

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජේනරාල් තනතුරුට පත්වු ගාල්ල මහින්ද විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුන් තිදෙනෙකුට හා නාවික හමුදාවේ රියාද් අද්මිරාල් ධුරයට පත්වු කිර්තිමත් මහින්ද ආදි සිසුවෙකුට උපහාර පිදිමේ උත්සවයක් පෙරේදා (23) ගාල්ල මහින්ද විද්‍යාලයේ ඕල්කට් ශාලාවේ දි උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙසේ උපහාරයෙන් පුද ලැබුවේ විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුන් වන මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ,ගාමිණි විද්‍යානන්ද, ශාන්ත කුමාර් තිරුනාවුකරුසු, හා රියාද් අද්මිරාල් ආනන්ද ගුරුගේ යන මහත්වරුය. මෙකි උපහාර උත්සවය වින්දාභිවන්දනා යනුවෙන් නම්කොට තිබුණි. රණවිරුවන් සිවු දෙනා ඉතා උණුසුම් ලෙස පිළිගෙන රතුපලස මතින් විද්‍යාලයේ තුර්යවාදක කණ්ඩායම පෙරටු කොටගෙන ඕල්කට් ශාලාව වෙත කැදවාගෙන එනු ලැබිය. මහින්ද විද්‍යාලයෙන් බිහිවු මේ රණවිරුවන් සිවු දෙනා පාසලේ සමකාලිනයන් වීමද විශේෂත්වයෙකි. එකම පාසලකින් එකම කාලයක් තුළ මෙරට ආරක්ෂක සේවාවේ මේජ්ර් ජෙනරාල්වරුන් තිදෙනෙකු හා රියාද් අද්මිරාල් වරයකු බිහිවිම ඉතා දුර්ලභ අවස්ථාවක් බව උපහාර උත්සව සභාව අමතමින් විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පැවැසිය. මින් රණවිරුවන් දෙදෙනෙකු පළමු වසරේ සිට උසස්පෙළ දක්වා ඉගෙනුම ලැබ තිබිමද විශේෂත්වයකි.

සටහන - දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ
ඡායාරූපය- ඉමදූව සමූහ ලංකින්ද නානායක්කාර


නව අදහස දක්වන්න