මහවැලි ග‍ඟේ දිය නෑ දෙදෙනෙක් ගිලී මරුට | දිනමිණ

මහවැලි ග‍ඟේ දිය නෑ දෙදෙනෙක් ගිලී මරුට

ගම්පොළ මහවැලි ග‍ඟේ දිය නෑමට ගිය තිදෙනෙකුගෙන් දෙදෙනෙකු (23) සවස දියේ ගිලී මිය ‍ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කපුකොටුවේ ගෙදර නලීන් සඳරුවන් නමැති 23 හැවිරිදි තරුණයකු හා ගනේෂ් විදුෂන් නමැති 16 හැවිරිදි අයෙකි.

මොවුන් ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරතව සිට ඉන්පසු දිය නෑම සඳහා මහවැලි ගඟට ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

පියා පුතා හා ඥාති පුතකු මෙසේ දිය නා ඇති බවත් පියා ගොඩ සිටියදී පුතා හා ඥාති පුතා මෙසේ දියේ ගසා ගෙන යද්දි ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් ගොඩට ගෙන ගම්පොළ රෝහල වෙත රැගෙන ගියද මිය ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 24 දින සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල සමූහ


නව අදහස දක්වන්න