රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනට‍‍ එජාපයේ නියෝජ්‍ය ලේකම් තනතුරක් | දිනමිණ

රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනට‍‍ එජාපයේ නියෝජ්‍ය ලේකම් තනතුරක්

ශිරෝමි අබයසිංහ

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු ලෙස පත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24) තීරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

පක්ෂ‍ෙය් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පත් කිරීමටද තීරණය විය.

යළි ක්‍රියාත්මක වූ ‘ගම්පෙරළිය’ සංවර්ධන වැඩ පිළිවෙළ ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ ප්‍රචාර කටයුතු පුළුල් කිරීමට සාකච්ඡා විය. මැතිවරණ කටයුතු සංවිධානය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාට පැවරුණු අතර එය පක්ෂයේ ප්‍රධාන නිලධාරීන්ට ඉදිරිපත් කර අනුමැතිය ගෙන ඉන්පසුව එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද තීරණය විය.

නව අදහස දක්වන්න