දින 51 කාලයේ වූ දූෂණ ගැනත් සෙවිය යුතුයි | දිනමිණ

දින 51 කාලයේ වූ දූෂණ ගැනත් සෙවිය යුතුයි

ශිරෝමි අබයසිංහ

වර්ෂ 2015 සිට 2018 දක්වා සිදුවූ දුෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ඔක්තෝම්බර් මස 26 දින සිට දින 51 කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය දැරූ කාලයේ වූ දුෂණ ගැනද සෙවිය යුතු බව උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (24) පෙරවරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් පළ කිරිමේ හමුවේදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගලයට සහභාගීවීම සඳහා මැදමුලනට යාමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සමඟ අදහස් හුවමාරු කර ගැනු ලැබීය. හිටපු ජනාධිපති පුතුගේ විවාහ මංගල්‍යයට අගමැති වරයා සමඟ මුදල් ඇමැති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර, මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති කබීර් හෂිම්, වරාය හා නාවුක කටයුතු ඇමැති සාගල රත්නායක යන මහත්වරුන්ද සහභාගී වූහ.


නව අදහස දක්වන්න