ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයට සිංගප්පූරු දැනුම | දිනමිණ

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණයට සිංගප්පූරු දැනුම

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකඟතාව පළ කරයි.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී (Desmond Lee) මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් ඊයේ (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාව පළ කෙරිණි.

ඡායාරූපය - උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න