බුලත්සිංහල කන්දක ගින්නක් | දිනමිණ

බුලත්සිංහල කන්දක ගින්නක්

බුලත්සිංහල පොලිස් වසමේ පරගොඩ හීන්පන්දල බෙරකොත කන්දේ හදිසි ගින්නක් අද(25) අළුයම හට ගෙන ඇත. 
 
ඒ අනුව බුලත්සිංහල පොලිසිය, හොරණ ගිනි නිවීමේ ඒකකයේ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 
 
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති අතර රක්‍ෂිතයේ අක්කර දෙකක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත. 
 
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න