සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්- ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙදෙනෙක් මරුට | දිනමිණ

සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්- ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙදෙනෙක් මරුට

මාලි රාජ්‍යයේ ඩවුට්සා(Douentza) ප්‍රදේශයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා යුද හමුදා රථ පෙළකට එල්ලවූ ප්‍රහාරයකින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා සෙබළෙක් මිය ගොස් ඇත.
 
එසේම තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. 
 
මාලි වේලාවෙන් අද(25) උදෑසන 6.30 ට පමණ මෙය සිදුව තිබේ.
 
තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
 
මුර සංචාරයක් සඳහා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ඩබ්ලිව් එම් ඉසෙඩ් වර්ගයේ සන්නද්ධ රථයක් ඉලක්ක කර ගෙන ය. එම සන්නද්ධ රථයට ද දැඩි හානි සිදුව තිබේ. ඊට පිටුපසින් ගමන් ගත් තවත් රථයකට ද අලාභහානි සිදුව ඇති බව වාර්තාවේ. 
 

නව අදහස දක්වන්න