පරිසරය සුරැකීම වෙනුවෙන් ජනපතිගේ දේශනයට පැසසුම් | දිනමිණ

පරිසරය සුරැකීම වෙනුවෙන් ජනපතිගේ දේශනයට පැසසුම්

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිංගප්පූරුවේ  මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.
 
'පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සදහා වන නිර්මාණාත්මක විසදුම්' යන තේමාව යටතේ පැවති මෙම සමුථව සදහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.
 
සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා පිළිගනු ලැබුවේ සිංගප්පුරු නියෝජ්‍ය අගමැති  Teo Chee Hean "  ටුවාලු රාජ්‍යයේ අගමැති  Enele Sosene Sopoaga  යන මහත්වරුන් ඇතුථ පිරිසක් විසිනි.
 
අනතුරුව ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය. 
 
පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ කැපවීමකින් කටයුතු කරන සහ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹී නායකයෙකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ දේශනය මෙහිදී සියලූ පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක් විය.

නව අදහස දක්වන්න