ගුවන් බඩු ප්‍රවාහනයට අමෙරිකාව එයි | දිනමිණ

ගුවන් බඩු ප්‍රවාහනයට අමෙරිකාව එයි

අමෙරිකා එක්සත් ජනපදයේ කොළඹ තානාපති කාර්යාලයට අනුව අමෙරිකා නාවුක හමුදාව විසින් බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන්යානා අතර භාණ්ඩ හුවමාරු කිරීමක් පසුගිය 21දා සිට 29 දක්වා කෙටි කාලසීමාව තුළ කරන බවට වාර්තා වේ.

මෙය වූ කලී විශාල පරිමාණයේ භාණ්ඩ හුවමාරු කිරීමේ තාවකාලික ඇරැඹුමක් පමණක් බවත්, ශ්‍රී ලංකාව කලාපීය ලොජිස්ටික්ස් සහ වාණිජමය කේන්ද්‍රස්ථානයක් කිරීමේ ප්‍රයත්නයට අනුබල දීමක් බවත් දන්වා තිබේ.

මේ තත්ත්වය තාවකාලික විසඳුමක් ලෙස දක්වා ඇති අතර, මේ භාණ්ඩ හුවමාරුවේ දී රුපියල් මිලියන 25ක ආර්ථික වාසි ශ්‍රී ලංකාවට අත් කර දුන් බව තානාපති කාර්යාලය පවසයි. මීට පෙර දෙවතාවක් 2018 අගෝස්තුවල දී බණ්ඩාරනායක හා ත්‍රිකුණාමලය ගුවන් තොටුපළේ දී හා 2018 දෙසැම්බරයේ දී යළි BMICH මේ ව්‍යාපෘතිය අත්හදා බලා ඇත.

මේ එකඟතාවට අනුව අමෙරිකා නාවික ගුවන් යානා කිහිපයක් ගොඩබැස්සවීම හා භාණ්ඩ හුවමාරුවෙන් පසුව පිටව යෑමට නියමිත අතර, මාරක නොවන (non – lethal) භාණ්ඩ රාශියක් ගෙන ඒමට හා හුවමාරුවට ඉඩකඩ සලසා දී ඇත.

මේ ව්‍යාපෘතියට අනුව ගුවන් යානා අතර භාණ්ඩ හුවමාරුවෙන් අනතුරුව එම ගුවන් යානා පිටව යන්නේ U55 ජෝන් ස්ටෙනීස් නම් මුහුදේ පිහිටි ගුවන්තොටුපළක් වෙතය. මෙසේ ප්‍රවාහනය වන භාණ්ඩ ලෙස හඳුන්වා දී ඇත්තේ නාවිකයන්ට පුද්ගලික ලියුම් කඩදාසි භාණ්ඩ, අමතර කොටස්, මෙවලම් (Tools) සහ නොයෙකුත් භාණ්ඩ බව වාර්තා වේ.

අමෙරිකානු තානාපති කාර්යාලයට අනුව කිසිදු භාණ්ඩ තොගයක් (කාගෝ) හෝ යුද්ධ ආම්පන්න හෝ මේ ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයන් හෝ මේ ව්‍යාපෘතිය වන ගුවන් යානා අතර භාණ්ඩ හුවමාරුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් පිටවී යන බවත් නොනැවතෙන බවත් පවසා තිබේ.

අමෙරිකා තානාපතිනි ඇලෙයිනා ටෙෂ්ලිට්ස්ට අනුව ශ්‍රී ලංකා නායකයන් තම රටෙහි කලාපීය සම්බන්ධතා හා ක්‍රියාකාරකම් තුළින් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ඉන්දු පැසිපික් හි සුවිශේෂී පිහිටීම නිසා මතු කෙරෙන වාසිදායී අවස්ථා පැහැර නොහැර භුක්තිවිඳීමට ඔවුන් තුළ ඇති දැක්ම පිළිබඳ සඳහන් කරයි.

මේ දර්ශනයට අතදීමක් වශයෙන් දෙපාර්ශ්වයටම වාසිදායී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ සතුටින් බවත්, ශ්‍රී ලංකා සේවා හා භාණ්ඩ ලබාගැනීම තුළින් අමෙරිකා යුද්ධ හා වාණිජමය භාණ්ඩ සහිත නැව් ප්‍රවාහන කටයුතු මේ ඉන්දු පැසිපික් කේන්ද්‍රස්ථානය හරහා මුහුදු තීරයේ ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරයි.

තානාපති කාර්යාලයට අනුව අමෙරිකා - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව හා එක්ව කෙරෙන ක්‍රියාකාරකම් හා පුහුණුවීම් තුළින් දෙරටෙහිම දක්ෂතා හා එක්ව ක්‍රියා කිරීමේ හැකියාව වර්ධනය වී ඇති බවත් පවසයි.

මේ එකමුතු ක්‍රියාකාරකම් හා සහයෝගීතාවන් සැකසුම දෙරටම එක්වී කළ අතර, මෙහි දී මිනිස් සහයෝගීතාව ආපදා සහන, නාවික ප්‍රදේශ පිළිබඳ දැනීම් ද සලකිල්ලට යොදාගත් බව ද තානාපති කාර්යාලය සඳහන් කරයි.


නව අදහස දක්වන්න