අධික උණූසුම නිසා ඕස්ට්‍රේලියාවේ අශ්වයින් 90ක් මරුට | දිනමිණ

අධික උණූසුම නිසා ඕස්ට්‍රේලියාවේ අශ්වයින් 90ක් මරුට

ඕස්ට්‍රේලියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අශ්වයින් 90 දෙනකු මිය ගොස් ඇති බව උතුරු ප්‍රදේශයේ මධ්‍යම ඉඩම් කවුන්සිලය පවසයි. 
 
මේ අතර දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩලෙයිඩ් නගරයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ඊයේ දිනයේ දී එය සෙන්ටිග්‍රේට් අංශක 46.6 ක් වූ බවත් වාර්තා වේ. මීට වසර 80 කට පෙර වාර්තා වූ සෙන්ජිග්‍රේට් අංශක 46.1 ක උශ්නත්වයට පසු වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මෙය වේ. 
 
පවතින තත්ත්වය යටතේ ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය විසින් අනතුරු අඟවා ඇති අතර  මිදුලේ තැබූ භාජනයකින් උදුනක් නොමැතිව පහසුවෙන්ම බිත්තර පිස ගත හැකි ආකාරය දැක්වෙන වීඩියෝවක් 
ඇඩලෙයිඩ් වැසියකු විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ. 

නව අදහස දක්වන්න