වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට වරෙන්තු | දිනමිණ

වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට වරෙන්තු

හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  මහතා අද  (28) නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
 
ඒ ගිං නිල්වලා යෝජනා ක්‍රමය සඳහා අනූමත මුදලින් චීන සමාගමකට ගෙවීමට පොරොන්දු වූ මුදලින්  සියයට පහක මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගෙන  රජයේ මුදල් රුපියල් මිලියන 4012ක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධීයට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
 
මින් පෙර සැකකාර  අයිවන් සිල්වා මහතාට කිහිප වරක් විවෘත් වරෙන්තු නිකුත් කර ඇති අතර එම විවෘත වරෙන්තුවේ පිටපතක්  ජාත්‍යන්තර පොලිසිය වෙත යොමු කිරිම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වරෙන්තූවේ පිටපතක් ආගමන විගමන පාලක ජනරාල් වරයාට යොමු කරන ලෙස ද නියෝග කළේය.
 
මේ විමර්ශන සඳහා සහාය නොදී සැකකරු මගහැර සිටින බවටත් මේ වන විට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර පදිංචිව සිටින බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධීකරණයට දන්වා සිටියේය.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය හරහා ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් යොමු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද  අධිකරණයට දැනුම් දුන්නේය.
 
ගිං-නිල්වලා යෝජනා ක්‍රමය යටතේ අදාල ගංගා දෙකේ ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව ගලා යෑම වර්ෂාපතනයෙන් වැටෙන ජලය හේතුවෙන් ගංඟා පිටාර ගැලීම් නවත්වා හම්බන්තොට ඇතුලු ප්‍රදේශ වලට ජලය ලබා දීම සඳහා මේ යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ඇත.
 
දුෂණ විරෝධී හඩ සංවිධානය සිදු කළ පැමිණිළ්ලකට අනුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර ඇත.
 සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන පෙබරවාරි මස 12 වනදා කැඳවන ලෙසටත් එදිනට විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

නව අදහස දක්වන්න