ගෝවා-නෝකෝල්වලටත් සේනා දළඹු ප්‍ර‍හාර | දිනමිණ

ගෝවා-නෝකෝල්වලටත් සේනා දළඹු ප්‍ර‍හාර

බඩඉරිඟු සහ තවත් බෝග කීපයක ව්‍යාප්තවී සිටින සේනා දළඹු වසංගතය මේ වනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

පළමු වතාවට ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ නෝකෝල් සහ ගෝවා වගා බිම් වල සේනා දළඹුවන් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔවුහු කියති. ගෝවා වගාව ආරම්භ වී සති කිහිපයක් ගතවන කාල වකවානුව වෙද්දි සම්පුර්ණයෙන්ම ගොබය සහ කොළ සේනා දළඹුවාගේ ආහාර බවට පත්වෙන බවත් නෝකෝල් වගාවේ ද පත්‍ර විශාල වශයෙන් සේනා දළඹු හානියට ලක් වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති. දින කිහිපය ඇතුළත සේනා දළඹුවන් කිහිපදෙනෙකු පමණක් මෙම වගා ක්ෂේත්‍රයේ දැකගැනීමට හැකිවූ බවත් මේ වන විට විශාල වශයෙන් ගෝවා වගාවේ සේනා දළඹුවන් පැතිර යමින් පවතින බව ද ගොවීහු කියති.

සීගිරිය විශේෂ


නව අදහස දක්වන්න