සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි අයුරු හෙළි වෙයි | දිනමිණ


 

සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි අයුරු හෙළි වෙයි

(බුද්ධිකා ඉඹුලාන)
 
සේනා දළඹුවා මෙරටට පැමිණ ඇත්තේ විදේශවලින් ආනයනය කළ බඩ ඉරිඟු බීජවලින් නොවන බව කෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් .එම්.ඩබ්ලිව්.වීරකොන් මහතා  කියයි.
 
නිසිලෙස බීජ නිරෝධායන කටයුතුවලින් පසුව මෙම බීජ මෙරටට ගෙනැවිත් ගොවීන් වෙත බෙදා හරින  බවත් මෙම දළඹුවා මෙරටට පැමිණ ඇත්තේ ඊසාන දිග මෝසම් සුළං සමගින්  බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.   
 
එක රැයකට මෙම සේනා 'සලබයා' කිලෝමීටර 100 ක් පමණ දුරක් පියඹා යන බවත් මේ අනුව ඔවුන් අප රටට පැමිණෙන්නට ඇති බවත් වීරකොන් මහතා කියයි.
 
මේ වන විට හෙක්ටයාර 45,000ක පමණ බඩඉරිඟු  වගා කර ඇති බවත් මෙය සමස්ත දේශිය බඩ ඉරිඟු වගාවෙන් 20%ක ප්‍රතිශතයක් බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ මෙම වගා හානි අවම කර ගැනීම සඳහා ගොවීන් දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් දිගින් දිගටම සිදු කරන  බවයි.
 
'සේනා ආක්‍රමනය සිදු වීයහැකි වෙනත් භෝග වර්ග 80 ක් පමණ තිබෙනවා. ඇමරිකාව ,අප්‍රිකාව බංගලාදේශය ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක් සේනා දළඹු උවදුරෙන් කරදර විඳිනවා. මෙය  සම්පූර්ණයෙන් මර්දනය කළ රටක් නැහැ.'
මේ වන විට කෘමිනාශන වර්ග 5ක් අප මෙම උවදුර සඳහා හඳුන්වා දී තිබෙනවා. නමුත් මා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉරිඟු කරල ඇතුලට මේ  කෘමිනාශක යොදන්න එපා කියලයි.එයින් මෙයට වඩා විශාල ව්‍යසනයක් ඇති වන්න්ට පුළුවන්.
'දැනට  දේශිය බඩඉරිඟු අස්වැන්න නෙළමින් සටිනවා. මේ අස්වනු නෙළන ගොවීන් පිළීබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමීක්ෂනයක් කරනවාතමෙහිදී අනාවරණය වී ඇත්තේ එම අස්වනු වලට බරපතලම හානි සිදු වී නැති බවයි.සේ නා දළඹු වර්ග දෙකක් ලෝකයේ තිපෙනවා .ඒ Rවර්ගයහෙවත් වී වගාවට බලපැම් කරන   සහ Mවර්ගය හෙවත් ඉරිගු සඳහා බලපාන වර්ගයි.මෙයින් ලංකාවේ පැතිරී ඇත්තේ  Mවර්ගයයි.බොහෝ දෙනා දළඹුවකු වගාවක දුටු විටම එය සේනා යැයි කලබල වනවා. කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් පසුගියදිනක දළඹුවකු ගැන ජනතාව කලබල වූණා .අප නිළධාරින් එහි ගොස් බලන විට ඒ වෙනත් කෘමියෙක්.
 
ජාත්‍යන්තරත බඩඉරිඟු පර්යේෂන ආයතනයේ ඉන්දීය ශාඛාව මා කතා කළා. එහිදී ඔවුන්ද කීවේ මේ සේනා මර්දනයට නිසි ක්‍රමවේදයක් තවම සොයා ගෙන නැති බවයි.එහෙත් ඉදිරි වසර 03 ඇතුලත මේ සඳහා ස්ථිර ක්‍රමවේදයක් කෙසේ හෝ සොයා ගන්නා බවද එම ආයතනය සඳහන් කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න