වතු සංගම් වැටුප් ගිවි­සු­මට එකඟ වෙති | දිනමිණ

වතු සංගම් වැටුප් ගිවි­සු­මට එකඟ වෙති

 

තේ සමාගම් හා වෘත්තීය සමිති විසින් රුපියල් 750 ක දෛනික වැටුපක් ගෙවීම සහ නිෂ්පාදන ඵලදායි දිරිගැන්වීම් ද ඇතුළුව නව වැටුප් ගිවිසුමකට එකඟ වී ඇති බව වතු කළමණාකරුවන්ගේ සංගමය පවසයි.

වෘත්තීය සමිති විසින් දිනකට ඉල්ලාසිට් වැටුප වූයේ රුපියල් 1,000 කි.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ වෘත්තීය සමිති හා සේවා යෝජකයාගේ ලංකා සම්මේලනය අතර ගිවිසුමට අනුව රුපියල් 700 ක දෛනික වැටුපක් සහ රුපියල් 50 ක දීමනාවක් ඇතුලත්ව රුපියල් 750 ක මුදලක් ලබාදී මට එකඟවී ඇතිබවයි.

ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා එවැනි පියවර අනුගමනය කළ බවත් ගෝලීය තරගකරුවන්ට හමුවේ ලංකාවේ ඵලදායිතාය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත්, වැවිලි කරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් ගැටලුව වන්නේ මෙරට කම්කරුවෙකුගේ දෛනික වැ‍ටුප රුපියල් 1000 සිට 1,500 දක්වා පැවතීමයි.

නව අදහස දක්වන්න