දූලි ඇල්ල සංචාරක කලාපයක් කිරීමට පියවර | දිනමිණ

දූලි ඇල්ල සංචාරක කලාපයක් කිරීමට පියවර

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටා ඇති ඉතා සුන්දර ස්ථානයක් වන දූලි ඇල්ල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා පියවර ගෙන තිබේ.

එම ස්ථානයේ දැනට ඇති අඩුපාඩු සොයා බැලීමටත් ඉදිරි සංවර්ධන කටයුතු වඩාත් විධිමත්ව හා ආකර්ෂණීය ලෙස සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටත් ඇමැති වජිර අබේවර්ධන මහතා දූලි ඇල්ල නිරීක්ෂණය කිරීම සඳහා ගියේය.

එහි දී ගම්වැසියන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමඟ ද එම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළේය. දූලි ඇල්ල සංචාරක කලාපයක් ලෙස නම් කර එම ස්ථානය කඩිනමින් සංවර්ධනය කරන බව මෙහි දී ඇමැතිවරයා පැවැසීය.

එහි දී පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීම කෙරෙහි සහ ස්ථානය අපවිත්‍ර නොකර පවත්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතරම ගමේ පදිංචිකරුවන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ද වැඩි දියුණු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව ද වැඩි දුරටත් පැවැසීය.

ඉමදුව සමූහ

නව අදහස දක්වන්න