මතට එරෙහිව පාසලෙන් ජවයක් | දිනමිණ

මතට එරෙහිව පාසලෙන් ජවයක්

යටියන්තොට සිසුන් දැනුම්වත් කරයි

අධ්‍යාපන අමාත්‍යාංශය හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් ක්‍රියාත්මක කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියට සමගාමීව අවිස්සාවේල්ල සීතාවක පුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පරිදි යටියන්තොට පොලිසිය මගින් ප්‍රදේශයේ පාසල් 21ක් ආවරණය වන පරිදි පසුගිය දා (23) වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණි.

මේ යටතේ නාට්‍ය සංදර්ශන, සිසුන් මවුපියන් හා ගුරුවරුන් සඳහා වූ දේශන හා පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ රියැදුරන් වෑන් රථ රියැදුරන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආදී වැඩසටහන් රාශියක් ද ඒ අතර විය. මේ සඳහා සීතාවක කොට්ඨාසයේ දිස්ත්‍රික් 3 භාර සහකාර පොලිස් අධිකාරී එන්. ඒ. රූපසිංහ මහතා ද යටියන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ජී. එස්. පී. කේ. චන්ද්‍රසිරි මහතා ද සහභාගි වූ අතර, දේශන හා රියැදුරන් දැනුම්වත් කිරීම් ඔවුන් අතින් සිදුවිය. යටියන්තොට ඇන්. ඇම්. පෙරේරා ජාතික පාසල හා කබුළුමුල්ල කනිෂ්ඨ විද්‍යාලය මූලික උත්සව දෙක සංවිධාන කර තිබුණි.

යටියන්තොට විශේෂ සමන් එස්. රත්නායක

නව අදහස දක්වන්න