ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් | දිනමිණ

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

අමාත්‍යවරයෙකුව සිටියදී 2010 වර්ෂය සදහා වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවෙන් ඔහු අද (29)නිදොස් කොට නිදහස් කෙරුණි.
 
ඒ, අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද(29) කැදවූ අවස්ථාවේදී ය.
 
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවට මහේස්ත‍්‍රාත්වරිය සිය තීන්දුවෙන් ප‍්‍රකාශයට පත් කර සිටියාය.
 
සාධාරණ හේතුවක් නොමැතිව 2010 වර්ෂය සදහා සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවට අල්ලස් කොමිසම මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. 
 
මීට පෙර සතොස ආයතනයේ රුපියල් පනස් දෙලක්ෂයකට අධික මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනාවලින්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණි. 
 

නව අදහස දක්වන්න